කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. 

නාවික හමුදාව සඳහන් කළේ ඒ අනුව නාවික හමුදා සෙබලුන් 313 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි. 

ඊයේ දිනයේ හඳුනාගත් වෛරස් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනාත් සමඟ රෝගය වැළඳුණු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 628 දක්වා ඉහල ගොස් තිබේ. 

ඊයේ දිනයේ වාර්තා වූ නව කොවිඩ් නයින්ටීන් රෝගීන් 52 දෙනාත් සමඟ මේ වන විට මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1141 දක්වා ඉහල ගොස් ඇත. 

ඉන් පුද්ගලයින් 458 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.