කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් කිරිමට නොහැකි වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මයික් රයන් ප්‍රකාශ කර ඇත්තේ එන්නතක් සොයා ගත්ත ද කොරෝනා වෛරසය ලොව කුමන හෝ තැනක පවතිනු ඇති බවයි. 

ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් ප්‍රකාශ කර ඇතිඅතර ලෝක සෞඛ්‍ය සංවිධායනයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ද එහිදී ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් කිරිම සදහා විශාල පරිශ්‍රමයක් දැරිමට සිදු වනුඇති බවයි. 

මේ අතර චීලි රාජ්‍යයේ ඊයේ දිනය තුළ පමණක් කොරෝනා වෛරස ආසාදිතයින් 2600ක් වාර්තා වී තිබේ. 

ඒ අනුව එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 34,481ක් වන අතරවෛරසය වැළදීමෙන් පුද්ගලයින් 346 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.