ශී‍්‍ර ලංකාවේ සිදු වූ කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා මරණ සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගියා. 

ඒ, අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු අද පෙරවරුවේ ජීවිතක්‍ෂයට පත්වීමත් සමගයි. මෙලෙස ජීවිතක්‍ෂයට පත් වූයේ 80 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු දෙහිවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. 

මේ අතර තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු අද පෙරවරුවේ සොයා ගැණුනා. ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 180 ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයින් 38 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. 

මේ අතර කොරෝනා රෝගීන් හමුවූ ප‍්‍රදේශ ආශි‍්‍රතව තවදුරටත් සෞඛ්‍ය හා ආරක්‍ෂක කි‍්‍රයාමාර්ග දැඩිකර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර මහනුවර අකුරණ ප‍්‍රදේශයේ ග‍්‍රාමයක සිට ගලේවෙල බුලනවැව ප‍්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු එම නිවස තුළම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට කිරීමට ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

ගමනාගමන කටයුතු සහ සියලූ ගමන් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අකුරණ නගරයේ පියෙකු සහ පුතෙකු අලවතුගොඩ පොලීසියෙන් ලබාගත් ඇදිරිනීති බලපත‍්‍රයක් මත ගලේවෙල බුලනවැව ප‍්‍රදේශයට යතුරුපැදියකින් පැමිණ තිබූ බවයි වාර්තාකරු සදහන් කළේ.