කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් රජය විසින් ගනු ලැබූ ආරක්ෂිත කි‍්‍රයාමාර්ග අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබූ තැපැල් කාර්යයාල පද්ධතිය ලබන මස 04 වනදා සිට සාමාන්‍ය රාජකාරී සඳහා සම්පූර්ණයෙන් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව, මැයි මාසයට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා, ගොවි විශ‍්‍රාම වැටුප් සහ විශ‍්‍රාම වැටුප් ඇතුළු සියලූ ගෙවීම් පෙර පරිදි තැපැල් කාර්යයාල මගින් ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

ජල බිල්පත්, විදුලි බිල්පත් ඇතුළු බිල්පත් ගෙවීම හා තැපැල් භාණ්ඩ භාර ගැනීම ද එදින සිට ආරම්භ වනවා