නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 949 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (16) දිනයේ රාත්‍රී 8.00 වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 14 දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

මෙම රෝගීන් ගෙන් 12 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වන බවත් අනෙක් රෝගීන් දෙදෙනා නිරෝධයන මධ්‍යස්ථානවල සිටින අයවලුන් බවයි වාර්තා වන්නේ.

මේ වන විට කොරෝනා ආසාධනය වී රෝහල් ගත කර සිටින රෝගීන් සංඛ්‍යාව 420ක් වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති සංඛ්‍යාව 520ක් වනවා.