කොවිඩ් ව්‍යාප්ත වන පසුබිමක ඉන්දීය කාශ්මීරයේ කෝවිලක පැවැත්වුණු ආගමික උත්සවයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉන්දියාව, ‍කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් රාජ්‍යයක්.

මේ හේතුවෙන් එරට ආගමික ස්ථාන වෙත ඇතුලුවීම පවා බැතිමතුන්ට තහනම් කර තිබේ.

මෙවන් පසුබිමක බැතිමතුන් කිහිපදෙනෙකුගේ පමණක් සහභාගිත්වයෙන් ඉන්දීය කාශ්මීරයේ පැවැති ආගමික උත්සවයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

හින්දු විශ්වාසයට අනුව ජයේෂ්තා නමින් හැදින්වෙන මාසයේ චන්ද්‍ර දෙසතියේ අටවැනි දිනයේදී කාශ්මීරයේ ඛීර් භවානී කෝවිල වෙත පැමිණ පුද පූජා පැවැත්වීමට බැතිමතුන් කටයුතු කරයි.

මෙසේ සෑම වර්ෂයකම පැවැත්වෙන මේ උත්සවය සදහා එක්වන පිරිස දහසකට අධිකයි.

එහෙත් මෙවර ඉතාමත් සීමිත පිරිසකට පමණක් ආගමික උත්සවයට එක්වීමේ අවස්ථාව හිමිවුව තිබුණි.

කාශ්මීරයේ වෙසෙන්නේ ඉතාමත් සීමිත හින්දු බැතිමතුන් පිරිසක් පමණයි.

ඒ 90 දශකයේ මුල් භාගයේදී ඉන්දීය පාලනයට එරෙහිව කාශ්මීරයේ පැවැති ගැටුම්වලින් පසුව හින්දු බැතිමතුන් පලවා හැරීම හේතුවෙන්.

විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙසේ වෙසෙන පිරිස් ඛීර් භවානී කෝවිල වෙත නිරන්තරයෙන් පැමිණෙන බවයි.