කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ වේරහැර ප‍්‍රදේශයේ පිහිටි රෝහලේ සේවය කරන දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු සියලූදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ එම සේවකයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කර තිබෙනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක්. ඊයේ දිනයේ පමණක් රෝගීන් 05 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සැක කෙරෙන තවත් රෝගීන් 229 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.