ganja

මන්නාරම, සිලාවතුර, මුල්ලිකුලම වෙරළ සීමාවේ කැළෑවක සගවා තිබූ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 187 ක් සිලාවතුර නාවික හමුදා කදවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

රුපියල් එක්කෝටි අසූ හත් ලක්‍ෂයක් පමණ වටිනා එම ගංජා තොගය නාවික හමුදාව විසින් මන්නාරම සුරාබදු කාර්යාලය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් එම ගංජා තොගය මෙරටට රැගෙනවිත් බෙදා හැරීම සදහා මුල්ලිකුලම කැළෑවේ සගවා තබා ඇති බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ.