කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි  බණ්ඩාරනායක මාවතින් හමුවූ කොරෝනා ආසාධිත රෝගීන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් කොට නොමැති පළමු කාණ්ඩයේ රෝගීන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

කොරෝනා ආසාධිතයෙකුට සාපේක්ෂව මෙම පළමු කාණ්ඩයේ රෝගියෙකුට වෙනත් පුද්ගලයෙක්ට රෝගය පැතිර වීමේ ශක්තිය අවම බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කාර් සිටියා.

රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා එම ආසාධිතයින් ඔබ මොබ යාමේ හැකියාව වැඩි බැවින් ඇතැම් අවස්ථාවන් වලදී ඒ ඔස්සේ වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවද මෙහිදි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නා.

මේ අතර කෙසේල්වත්ත, බණ්ඩාරනායක මාවතේ පිහිටි සැලුනයක කරණවෑමියෙකුට ද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් සේවා සපයා ගත් පුද්ගලයින්ට සහ ඇසුරු කළ පුද්ගලයින්ට වෛරසය ව්‍යාප්ත වන්නට ඇති බව‍ට සැකපළ වනවා.