කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (22දා) බෙලිඅත්තේදී පැවැති ආගමික උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වන තීරණය සතියක් ඇතුළත ක්‍රියාත්මක වෙනු ඇති බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය නැංවීම සඳහා ඉදිරියේදී විශාල වෙනසක් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය