දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් හට උපදෙස් ලබාදී තිබෙනවා.

නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කර සිටියේ.  

කිරි ගොවියා නඟා සිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබුවා.