සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර 3 වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. මෙහි තුන්වන වරටත් කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක තරංග සමත් වුනා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.20 ට පමණ ආරම්භවීමට නියමිතයි.

තරග දෙකක තහනමක් පනවා ඇති දික්වැල්ල පිළිබදව මුලින් ලබා දුන් තින්දුවේ වෙනසක් තවමත් සිදු නොවි ඇති අතර මේ අනුර තරංග සහ මුණවීර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවේසෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම පැවති පළමු පන්දුවාර විස්ස තරග දෙක ජය ගනිමින් තරගාවලියේ ශූරතාවද දිනා අවසන්.

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේදී මේ දක්වා පන්දුවාර විස්ස තරග පහකට ක්‍රීඩා කර තිඛෙනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහි එම සියලූ තරග ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා