ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (20දා) අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමුව  තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට හේතු ඔහු විසින් පැහැදිලි කර ඇති අතර ඒ අනුව එම තීරණය ඔවුන් පිළිගෙන තිබේ.