සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින කහ තිත් පළඟැටියා මේ දක්වා වැඩිම හානියක් සිදුකර තිබෙන්නේ ඒ ගෘහස්ථ වගාවන්ට බව කර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම පලගැටිය නිසා ආර්ථික බෝග වගාවන්ට හානි සිදුවූ අවස්ථා අවම බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් පැවසුවේ.

කහ තිත් පළගැටියා ශ‍්‍රී ලංකාවට අලූ‍තින් පැමිණි සත්ව විශේෂයක් නොවන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා

කෘෂි රසානික යෙදීමට වඩා පුළුස්සා දැමීම හෝ වෙනත් යාන්ත‍්‍රික ක‍්‍රම මගින් කහ තිත් පළඟැටියා මර්දනය කිරීමටයි. කෘෂි නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින්නේ. 

මෙම උවදුර පිළිබඳ දැනුම් දීමට දුරකථන අංක දෙකක් ද විවෘත කර තිබෙනවා. ඒ 1920 ක්ෂණික ඇමතුම් අංකය සහ 0812 388 316 යන දුරකතන අංකයයි.