Skip to content

කහවත්ත කොටකෙතන ප්රදේශයේ පැවති විරෝධතාවලදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හත්දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ උදෑසනයි. කොටකෙතන ප්රදේශයේ මව සහ දියණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් නිදහස් කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව පැවති උද්ඝෝෂණයකදී කළහකාරී ලෙස හැසිරුණු බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ.