හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවට අදාල ලිපිගොනු ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිල‍ධාරීන් අද දේශපාලන පළිගැනීම් පි‍ළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

තමන්ට එරෙහිව පලිගැනීමේ චේතනාවෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ ත්‍රිපුද්ගල මහා‍ධිකරණයේ නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පසුගියදා ජනා‍ධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

ඒ අනුව අදාල නඩුව සම්බන්ධයෙන් වන නීතිපති දෙපාර්තමේන්තුව සතු ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කොමිසම විසින් එම දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නේය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර දේශපාලන පළිගැනීමේ පි‍ළිබද කොමිශන් සභාව සඳහා මේ වන විට පැමිණිලි 782 ක් ලැබී ඇත.

එහි පැමිණිලි භාර ගැනීමේ කාලය ලබන මස 6 වනදායින් අවසන් වීමට