වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නතිව් පොලිසිය විසින් ඊයේ (03) සවස 4.30ට පමණ මෙම සැකකරු කොටු කර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු හිටපු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු වයස අවුරුදු 40ක් වන කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් යන කරයාකන්තිව් කන්නන්කුඩා ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.

මේ අනුව මෙම සිද්ධියට අදාළව මොහු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබෙනවා.