හිටපු විදේශ ඇමතිවරයෙක් මෙන්ම, කෘතහස්ත දේශපාලනඥයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2005 වසරේදී මෙම ඝාතනය සිදුවූ අතර 39 හැවැරිදි නවනීතයන් ජී. යන නමින් හැදින්වෙන් සැකකරුවෙක් ඊයේ දිනයේදී අත්අඩංගුවට පත්ව ඇත.

විදේශීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙක් වීම, මනුෂ්‍ය ඝාතන හා මනුෂ්‍ය ඝාන කිරිමට උත්සාහ කිරීම යන චෝදා යටතේ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.