කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා 80 අතරින්  කර්මාන්තශාලා 40 ක නිෂ්පාදන කටයුතු ආරමිභ කර ඇති බවත් දැනට 3000 ක සේවක පිරිසක් කර්මාන්ශාලාවල සේවයේ යෙදි සිටින බවත් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ විධායක අධ්‍යක්ෂක ඇමි.කේ.ඞී.ලෝරන්ස් මහතා පවසයි.

දැනට නිෂ්පාදන කටයුතු කරගෙන යන සියලූ කර්මාන්ත ශාලා කටුනායක සෞඛ්‍ය බලධරයන් විසින් විෂබීජහරණයට ලක්කර ඇති අතර සේවකයන් රාජකාරියේ යෙදවිමේදී සෞඛ්‍ය අංශ වලින් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් වලට අනුකුලව පුද්ගල දුරස්තභාවය අනුගමනය කමින් සියලූ සෞඛ්‍ය ආරක්ෂිත උපක‍්‍රම සහිතව සිදු කිරිමට කර්මාන්තශාලා පාලකයන්ට දැඩි කොන්දේසි පනවා ඇති බවද විධායක අධ්‍යක්ෂකවරයා පැවසීය