ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය අද යළි වසා දැමෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු 05 සිට සිට දින 03 ක් නගරය වසා දැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. මාසයක පමණ කාලයකින් පසුව ඉකුත් සෙනසුරාදා බ්‍රිස්බේන් නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනුණා.

එම ආසාදිතයා හඳුනා ගෙන ඇත්තේ සමාජය තුළින් වන අතර පසුව තවත් ආසාදිතයින් 06 දෙනෙකු එම නගරයෙන් හඳුනා ගෙන ඇති බවයි ඕස්ට්‍රේලියානු බලධාරීන් පැවසුවේ. ඒ අනුව වෛරසය යළි සමාජගත වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් බලධාරීන් මේවනවිට විමර්ශනය කරමින් සිටිනවා. රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුගෙන් වෛරසය පැතිරෙන්නට ඇති බවටයි මේවනවිට සැක පළ කෙරෙන්නේ. කෙසේවෙතත්, වෛරසය තවදුරටත් සමාජය තුළ ව්‍යාප්තවීමට පෙර නගරය වසා දැමිය යුතු බව බලධාරීන්ගේ තීරණයයි.

ඉකුත් ජනවාරි මාසයේදී ද ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය දින 03 කට වසා දැමුණා. ඒ, එම නගරයෙන් එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීම හමුවේයි.