ඓතිහාසික කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගනු ලැබූ  අග්නිදිග සරසවියේ සිසුන් 07 දෙනෙක් හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර, මුතුර් ඇතුළු ප්‍රදේශ කිහිපයකදියි.

ඓතිහාසික වටිනාකමකින් යුත් කිරලාගල ස්ථුපය මත නැගී ජයාරූප ගනු ලැබූ මෙම පිරිස සොයා ගැනීම සඳහා හොරොව්පොතාන පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබුනා.

පොලිස් භාරයට ගනු ලැබූ මෙම සිසුන් 07 දෙනා මේ වන විට හොරොව්පොතාන පොලිසිය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම සිසුන් කිරලාගල ස්ථුපය මත නැගී ලබා ගත් ජයාරූප ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැරීමත් සමග ඔවුන්ගේ ක්‍රියාවට දැඩි විවේචනයන් එල්ල විය. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසියට සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබුවා.