ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබන 28 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. විස්සයි විස්ස තරගාවලියට සහභාගී වන විදෙස් ක‍්‍රීඩකයන් සියලූ දෙනාම දින 14 ක නිරෝධායනයකට යටත් කිරීමෙන් පසුව කණ්ඩායම්වලට එක්කර ගැනීමට තීරණය කර තිබේ.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අදාළ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කළ සාකච්ඡුාවකින් අනතුරුව දෙන ලද උපදෙස් අනුව විදෙස් ක‍්‍රීඩකයන් නිරෝධායනයකට ලක්කර තිබේ. මේ අතර පේ‍්‍රක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව තරගාවලිය පැවැත්වීමටද සැලසුම් කර ඇති අතර සියලූම නිරෝධායනයට ලක්වන ක‍්‍රීඩකයන් එකම හෝටලයක නවාතැන් ගැන්වීමටද සැලසුම් කර තිබේ.
 
 ‘‘සෞඛ්‍ය අංශ අපිට උපදෙස් මාලාවක් දීලා තියෙනවා. ඒ වගේම අයි.සී.සී.ය ත් එයාලගේ උපදෙස් දීලා තියෙනවා. මේ සියලූ සෞඛ්‍ය උපදෙස් මත තමයි, අපි එල්.පී.එල්. තරගාවලිය පවත්වන්න සූදානම් වෙන්නෙ. ක‍්‍රීඩකයන්ට නිරෝධායනය තුළ පුහුණුවීම් කරන්න පුළුවන් ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡුා කරලා තියෙනවා. එතනදි ක‍්‍රීඩාංගණයත් හෝටලයත් අතර විශේෂ ක‍්‍රමයකට එම පුහුණුවීම් සිදුකරනවා. අපේ රටේ කොරෝනා පාලනය ඉතාමත් හොඳින් සිදුවෙන නිසා අපි සෞඛ්‍ය අංශයේ උපදෙස් අකුරටම ක‍්‍රියාත්මක කරමින් තමයි තරගාවලියට සහභාගී වන්නේ. විදෙස් ක‍්‍රීඩකයන්ට අපි ඒ බව දැනුවත් කරලා තමයි තරගාවලියට සම්බන්ධ කර ගන්නේ.’’ යනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු ‘දිවයින‘ කළ විමසීමකදී පැවසීය.
 
 තරගාවලියේ සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම මගින් ඉදිරියට යෑම සම්බන්ධව සොයා බැලීමට අටදෙනකුගෙන් යුත් කමිටුවක්ද පත්කර තිබේ. ඒ අනුව සියලූම කණ්ඩායම්වලට සෞඛ්‍ය නීති රීති ඇතුළත් මාර්ගෝපදේශයක් ලබාදෙමින් තරගාවලියේ පුහුණුවීම්, ඉන් පිටතදී සිටිය යුතු ආකාරය මෙන්ම තරගවලට සහභාගි විය යුතු ආකාරය සම්බන්ධව දැනුවත් කරනු ලබයි.
 
 කොරෝනා වසංගතය හමුවේ ක‍්‍රිකට් තරග නැවතී තිබෙන මොහොතක එල්.පී.එල්. තරගාවලියට සහභාගි
 
 වන කණ්ඩායම් පහේම ක‍්‍රීඩකයන්ව කෝවිඞ් 19 පරීක්ෂණයකටද ලක්කර යුතුවේ. මේ වන විටත් ශ‍්‍රී ලංකාවට පැමිණීමට විදෙස් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සිය ඒජන්තවරුන් මාර්ගයෙන් කැමැත්ත ප‍්‍රකාශ කර ඇති අතර එහිදී ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඔවුන්ට ලබාදෙන මුදල් සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ කණ්ඩායම් හිමිකරුවන් විසිනි.
 
 කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ එක් කණ්ඩායමකට ක‍්‍රීඩකයන් හය දෙනා බැගින් ඇතුළත් කළ හැකි වුවද ක‍්‍රීඩා කළ හැක්කේ ක‍්‍රීඩකයන් සිව්දෙනකුට පමණි. තරගාවලියේ සියලූම කණ්ඩායම් නම් කිරීම සහ පුහුණුකරුවන් නම් කිරීම ඉදිරි සතියේදී අවසන් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලසුම් කර තිබේ.
 
 මේ අතර එල්.පී.එල්. තරගාවලියේ විකාශන අයිතිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විකාශන සමාගමක් වන ඉනෝවේටිව් ප‍්‍රඩක්ෂණ ගෘප් අත්කරගෙන ඇතැයි වාර්තා වේ. අදාළ විකාශන අයිතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ එම සමාගම අතර වසර පහක ගිවිසුමක් අත්සන් කර ඇතැයි වාර්තා වේ. එම විකාශන අයිතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක පමණ ආදායමක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙතට ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 ලොව පුරා පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලි රැුසකම විකාශන අයිතිය හොබවන අයි.පී.ජී. ආයතනය දකුණු අප‍්‍රිකාව, පාකිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ක‍්‍රියාත්මක පි‍්‍රමියර් ලීග් තරගාවලි කිහිපයකම විකාශන අයිතිකරු වේ.
 
 විදෙස් ක‍්‍රීඩකයන් ගෙන්වා ගැනීමේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අභියෝග රැුසකට මුහුණ දී සිටින අතර එහිදී ගුවන් ගමන් නවතා ඇති රටවල සිට ශ‍්‍රී ලංකාවට ක‍්‍රීඩකයන් ගෙන්වා ගැනීමත් ශ‍්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ සාමාන්‍ය පරිදි විවෘත නොවීමත් ප‍්‍රධාන ගැටලූ වේ. කෙසේ වෙතත් තරග 23 කින් සමන්විත එල්.පී.එල්. තරගාවලිය තරග 23 කින් සමන්විත අතර එහිදී එක් කණ්ඩායමක් ප‍්‍රතිවාදී කණ්ඩායම සමග තරග දෙකකට සහභාගි වේ.