මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය පළ කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරු පිරිස ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කුමන පක්‍ෂයකින්ද යන්න බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීමට එක් වූ ආනන්ද අලූත්ගමගේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන්ද විසීමක් කළා. ඔහු කියාසිටියේ තමන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  මහනුවර දිස්ති‍්‍රක්කය සදහා තරග කරන බවයි.

පුත්තලම දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක පි‍්‍රයන්තද මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය දක්වමින් ඉකුත්දා නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාරගත්තා. තමන්ද ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ තරග වදින බවයි ඔහු සදහන් කළේ.