එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර කඩවත්සතර හා ගඟවට කෝරළය ප‍්‍රාදේශීය සභාවේ ලබන වසරට අදාළ අයවැය අද (27) වැඩි ඡන්ද 02කින් පරාජයට පත්වුණා. එය ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ මංගල අයවැයයි. එහිදී 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ අතර පක්ෂව ඡන්දය ලබාදුන්නේ නව දෙනෙකු පමණයි.

ප‍්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින් 21 දෙනෙකු සිටින අතර ඉන් 09 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව ද 09ක්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත‍්‍රී ධුර 02ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත‍්‍රී ධුරයක් හිමියි. ප‍්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා අද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.