Sri_Lanka_Cricket_Logo

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානය වෙන්කර ගැනීමට නවක ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන හා සචිත් පතිරණ සමත්ව සිටිති.

2015 වසරේ පැවැති එක්දින තරගාවලියෙන් පසුව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එක්දින පිටියෙන් සමුගත් අතර එයින් පසුව ඔවුන් දෙදෙනා නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු එක්දින  තරගාවලිය මෙය වෙයි.

ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇති අනෙක් ක්‍රීඩකයා වරාය අධිකාරී කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් වෙයි. වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ද සංචිතයට ඇතුළත් අතර ඔහු අවසන්වරට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2012 වසරේ ජුනි හා අගොස්තු මාසයන්හි ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයයි.

නවක ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට ඇතුළත්ව නැති අතර පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහු ආබාධයට ලක්වීම ඒ සඳහා හේතුව විය හැකිය.

දග පන්දු යවන රංගන හේරත්ට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස්, තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, අශාන් ප්‍රියන්ජන්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, සචිත්‍ර සේනානායක, සීක්කුගේ ප්‍රසන්න, සචිත් පතිරණ.