උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ ලේකම් එච්. එම්. චිත‍්‍රානන්ද පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන බවයි.

උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වනවා.

මීට පෙර පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබුණේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමටයි. ලබන සැප්තැම්බර් 5 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා තෙක් උසස් පෙළ විභාගය පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුව සදහා විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ද එක් වුණා.