2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම් දෙන බව අධ්‍යාපන සුසිල් ප්‍රමජයන්ත පවසයි.

අද (සැප්. 21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“විභාගයට සූදානම් වීමේ කාලය ප්‍රමාණවත් නොවීමෙන් විය හැකි අසාධාරණය සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන ලෙස යෝජිත අ.පො.ස. උසස් පෙළ පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති අතර ඒ අනුව විභාග කොමසාරිස්තුමා විසින් සංශෝධිත දිනය නිශ්චිත වශයෙන් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.”