කිසිදු බියක් ඇති කර නොගෙන අද උදෑසනම ඡන්ද පොළට ගොස් තම ඡන්දය පාවිච්චි කරන ලෙස සියලූ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය.ඡන්ද මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර ඇතැයිද රටේ සාමාන්‍ය පොදු ස්ථානවලට වඩා ඡන්ද මධ්‍යස්ථාන ආරක්‍ෂිත යැයිද ඒ මහතා කී්‍ය.

ඡන්ද පොළට පැමිණෙන විට ජාතික හැඳුනුම්පත රැුගෙන ඒම අනිවාර්ය වන අතර ඡන්ද දැන්වීම් පති‍්‍රකාවත් රැගෙන ආ යුතු බව ද හෙතෙම කීය. එමෙන්ම සෑම ඡන්ද දායකයකුම මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය බව ද ඡන්දය සලකුණු කිරීමට නිල් හෝ කළු පෑනක් රැගෙන ඒම අවශ්‍ය බව ද හෙතෙම කියා සිටියේය.

ඡන්ද ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මාර්ගයේ රැඳී නොසිටං නිවෙස් බලා යන ලෙසද දේශපි‍්‍රය මහතා සියලූ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.