උඩවලව ජලාශයේ පිටවාන අසල තිබී වෙඩි වැදී මියගිය ඇත් පැටවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 ත් 12 ත් අතර වයසේ පසුවන ඇත් පැටවෙකු බවයි. මෙම ඇත් පැටවාට වෙඩි තැබූ පුද්ගලයන් පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

ඊයේ (30) පස්වරුවේ මෙම ඇත් පැටවා උඩවලව රක්‍ෂිතයේ අලි වැටෙන් පිටත සීමාවට පැමිණ පහේ කණුව ගම්මානය ප‍්‍රදේශයට යන ආකාරය ප‍්‍රදේශවාසීන් දැක තිබෙනවා. ඒ පිළිබද උඩවලව වනජිවි කාර්යාලයට දැනුම් දී ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවූ බවටයි ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.