ලොව පුරා අණසක පැතිරවීම තම සංවිධානයේ අරමුණ බව හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් පවසනවා.

විනාඩියක වීඩියෝ පණිවුඩයක් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරමිනුයි ඔහු මේ බව කියා සීටියේ.

එමගින් ඔහු අවධාරණය කර ඇත්තේ ඇත්තේ ‘ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වේවි’ යනුවෙන්.

එමෙන්ම අයුක්තියෙන් අසාධාරණයෙන් තොර, අපරාධවලින් තොර, මිනිසුන් එකිනෙකාට ගරු කරන යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ බවද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් පැහැදිලි කර තිබෙනවා.