පාර්ලිමේන්තුව අද නැවත රැස්වීමට නියමිතව ඇත්තේ පස්වරු 01.30ටයි. එලෙස රැස් වූ පසු පාර්ලිමේන්තුවේ කටයුතු කෙසේ සිදුවිය යුතුදැයි ඊට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට කතාබහට ලක්වන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදුන්නේ ද ජනතා විමුක්ති පෙරමුණයි. මේ අතර මෙම යෝජනාවෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ඊයේ පෙන්වා දුන් පළමු වගන්තිය මෙයයි.

උපුටා ගැනීම,

‘‘අතිගරු ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2018 ඔත්තෝබර් 26 වන දින සහ අංක 2094/43, 2094/43 A සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් හා පත්කිරීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බලරහිත බවත් නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් නොමැති බවත්. 

උපුටා ගැනීම අවසන්.