ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ලංකාඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බවයි.

එහි නව මිල 328ක් වනවා. කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 365ක්. ලංකා ඔටෝ ඩීසල් ලිටරය මිලද රුපියල් 2කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 308ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. 
කෙසේ වෙතත් සුපර් ඩීසල් ලිටරයක මිල රුපියල් 6කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 346ක් වනවා. භූමිතෙල් මිලද රුපියල් 9කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 236ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.