සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, බැංගලෝර් හිදීයි. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්. 

ඒ අනුව මෙරට වේලාවෙන් සවස 02 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර මෙම තරගයට ක්‍රීඩා නොකරන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.