ඉන්දු – චීන දේශසිමාවේ ගල්වාන් නිම්නය ආශ්‍රිතව චීනය ඉදිකිරීම්වල නිරත වන බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වී තිබේ.

පසුගිය මාසයේ දී දෙරටේ හමුදා අතර ගුටිබැට හුවමාරුවක් සිදුවු ප්‍රදේශයට ආසන්නයෙන් එම ඉදිකිරිම් සිදුකරන බව වාර්තා වේ.

යුද කටයුතුවලට සම්බන්ධතාවක් පෙන්නුම් කරන ඉදිකිරිම් හා උපකරණ එම ඡායාරූපවල දක්නට ලැබේ.

කෙසේවුවද අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් විසින් ඉදිරිපත් කර ඇති අදාළ ඡායාරූප සම්බන්ධයෙන් ඉන්දියාව හෝ චීනය මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නැහැ.