ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන මේ වනවිට 51,000 ඉක්මවා තිබෙනවා. ඒ, ඊයේ (16) දිනයේදී එරටින් කොරෝනා මරණ 961 ක් වාර්තා වීමත් සමගයි.

ඊයේ දිනයේ ලොව වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වූයේ ද ඉන්දියාවෙන් වනවා. එමෙන්ම ගතවූ පැය 24 වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගැනුණූ රට වන්නේ ද ඉන්දියාවයි.

ඉන්දියාවෙන් පමණක් ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 58,108 ක්.