අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයින් ගණන 7,600 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තා වී ඇති මරණ ගණන 249ක්.

ඊයේ දිනයේදී පමණක්  නවදිල්ලි අගනුවරින් පමණක් වාර්තා වූ ආසාදිතයින් 183ත් සමගින් එහි සමස්ත ආසාදිතයින් ගණන 903 දක්වා ඉහළ ගියේය.

ඉන්දීය වාර්තා පවසන්නේ, අගනුවර හා ඒ ආශ්‍රිත කලාප ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය බහුල කලාප බවට හදුනාගෙන ඇති බවයි.

දකුණු ආසියානු කලාපයට අයත්, ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආසාදිතයින් බහුලව වාර්තාවීමත් සමඟින් කලාපීය ආසාදිතයින් ගණන 15,000කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.