දකුණු ආසියාවේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන ඉන්දියාවෙන් ඊයේ දිනය තුලදී නව ආසාදිතයන් 8,105ක් හඳුනා ගැණුනු අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 269 ක්.

ඒ සමඟ සමස්ත ආසාදිතයන් ගණන 173,000 ඉක්මවා ගිය අතර සමස්ත මරණ ගණන 4,980 දක්වා ඉහළ යයි.

වසංගත පාලනය කිරීම සදහා ඉන්දියාව වසා දමා මේ වන විට මාස දෙකක පමණ කාලයක් ගත වී අවසන්.

රටා වසාදැමීමේ කාල සීමාව හෙටින් අවසන් වීමට නියමිත අතර නව මාර්ගෝපදේශන මාලාව රජය විසින් මේ සති අන්තයේදී ප්‍රකාශ කරනු ඇති.

මේ අතර කොවිඩ් -19 ආසාදිත බවට සැකකෙරෙන රුධිර සාම්පල කිහිපයක් රිලවුන් විසින් ඩැහැගත් පුවතක් උත්තර් ප්‍රාන්තයේ රජයේ රෝහලකින් වාර්තා වෙයි.

පර්යේෂණාගාරය තුළ සිටි සහායකයාට ප්‍රහාරයක් එල්ල කළ රිලවුන් රුධිර සාම්පල සහිත පෙට්ටිය රැගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.