ඉන්දියන් ඔයිල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට‍්‍රල් සහ ඞීසල් එකම මිලකට පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියන් ඔයිල් සමාගම මේ වනවිට ඉන්ධන අලෙවි කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වඩා වැඩි මිලකටයි.

ඉන්ධන එකම මිලකට ලබා දිම සදහා එම ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡාවක්ද පැවැත්වූ බව නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සදහන් කර තිබෙනවා.