දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, විදේශ විනිමය සම්බන්ධයෙන් පවතින් ගැටලු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදු වන බව ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිසි දිනක සෑම ඉන්ධන පිරවුම්හලකට ම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බව ත් තොග අසීමිතව තිබියදී පවා එය ප්‍රායෝගිකව කළ නොහැකි බව අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.