ඉදිරි මාස 06 තුලදී ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ සංචිත ප්‍රමාණවත් අයුරින් රට තුල නොතිබීම නිසා ඉන්ධන නිකුත් කිරීමේදී යම් ප්‍රමුඛතාවයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවල පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් සැපයීම සිදුකොට ඒ හරහා රජයේ බස් රථ, පෞද්ගලික බස් රථ, පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීමේ වාහන සහ සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ වාහන සඳහා ඩීසල් සැපයීම සිදුකරන බව සඳහන් කර සිටියා.

එමෙන්ම ධිවරයින්ට අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා රටේ පිහිටි ධිවර වරායන් 22ක් හරහා ඩීසල් සහ භූමිතෙල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළා.

ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා රටේ පිහිටි ඉන්ධන පිරවුම්හල් 160ක් හඳුනාගෙන ඇති බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියා.