ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ මේ වනවිට රුපියල් 153.44 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අගය අමෙරිකානු ඩොලරයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අගය ලෙසයි සැලකෙන්නේ.

ඉකුත් දෙසැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 152 ක ඉක්මවා පැවතිණ.

මේ අතර බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය තව දුරටත් වැඩි වී තිබෙනවා.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව ජනවාරි මාසයේ උද්ධමනය සියයට 6.5ක්.

එය 2016 නොවැම්බර් මාසයට සාපේක්ෂව ඒකක 2.3ක පමණ වැඩිවීමක් වනවා.

2016 නොවැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 4.2ක් ලෙසයි.

ජනවාරි මාසයේදී විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ වියදම්වල කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

සහල්, පොල්, පොල්තෙල් යන ආහාරවල සිදුව ඇති මිල වැඩි වීම ඒ අතරින් ද විශේෂයි