මින්පෙර සිදුනොවූ අයුරින් අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමටත් පෙර අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් කර ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යථාර්ථයක්වීමේ සුබ පෙර නිමිත්තක් බව විද්වතුන් පවසනවා.

මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසුවේ විධිමත් සහ විද්‍යාත්මක අයුරින් අමාත්‍යාංශ බෙදා වෙන් කිරීම එමගින් සිදුකර ඇති බවයි. 

මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දුන්නේ ඉදිරි පස්වසර තුළ රට ගමන් ගන්නා දිශානතිය අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් කර ඇති ආකාරයෙන් පැහැදිලි වන බවයි