ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු අද (01) දින ගාල්ල නගරයට පැමිණෙන ජනතාවගේ  අඩුවිමක් දක්නට ලැබෙන බව වාර්තාකරු සඳහන් කළා. 

භාණ්ඩ මිලදී ගැනීම සදහා සතොස හා සුපිරි වෙළද සැල්වල වෙනදා දක්නට ලැබු දිගු පොළිම් අද දින දැක ගැනීමට නොමැති බවයි වාර්තා වෙන්නේ.

එහෙත් ගාල්ල නගරයේ ඔසුසලෙන් ඖෂධ මිලදී ගැනිම සදහා පැමිණි ජනතාව පෝළිම්වල රැදි සිටින අයුරු අද උදැසන නිරීක්ෂණය වූ බවත් සදහන් කළා. 

මේ අතර ප්‍රදේශ කිහිපයකම වාර්තාකරුවන් සදහන් කළේ වෙනදා දකින්නට ලැබෙන ජනතා ඒකරාශීවීම් අද දිනයේ බොහෝ සෙයින් අඩු වී ගොස් තිබූ බවයි.