නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදි විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අපේක්‍ෂකයින් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මාධ්‍යවේදියෙකුට කරුණු දැක්වුහ.