ඇදිරි නීතිය උල්ලංඝණය කරමින් මොරොන්තුඩුව, මහගෝනදූව ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 11 දෙනෙකු කළුතර දිසා දූෂණ මර්දන ඒකකය විසින් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින්, කේරළ ගංජා සහ මත්පෙති සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 17 ත් 52 ත් අතර වයස් කාණ්ඩවල පසුවන මොරොන්තුඩුව සහ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරොන්තුඩුව පොලිසියට භාර දී ඇති අතර ඔවුන් අද පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.