වරප‍්‍රසාද ලබාගනිමින් ධනවතුන් මිලියන පන්සියයක් සිටින ලෝක වෙළදපොලට ඇතුළුවීමේ සටන වත්මන් රජය දැන් ආරම්භ කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. යුරෝපා වාණිජ මණ්ඩලය මගින් සංවිධාන කළ ආර්ථික සංවර්ධන ප‍්‍රමුඛතා යළි සැකසීම පිළිබද වැඩසටහනට කොළඹදි එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
“මහනුවර ඉඳල හම්බන්තොට දක්වා එක ආර්ථික කලාපයක් කරනව. අලුත් ගුවන්තොටුපලවල් දෙකක් වරායවල් දෙකක් සමග අලුත් ආර්ථිකයක් ඇති වෙනව. වැඩකටයුතු කරන්නනම් ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ අතර උතුරු මැද ත්‍රිකුණාමලය දිහාත් බලනව.
අපිට පුහුණුව අවශ්‍යයි. වෙළඳපොලක් අවශ්‍යයි. ආසියාව වටේටම අල්ලාගන්න ඕන. මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ආසියාව වටේම වෙළඳ පොල අල්ලගත්ත. අපිත් එහෙම බලන්න ඕන. ප්‍රධානම එක තමයි යුරෝපා සංගමය. අනිත් පැත්තෙන් ජපානෙ තියෙනව, චීනෙ තියනව, ඉන්දියාව තියෙනව. මෙතනට යනවනම් කර්මාන්ත දියුණු වෙනව, සංචාරකයින් එනව. මුල්‍ය සේවා දියුණු වෙනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.