රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වන බව දේශපාලන පක්ෂ 07 ක් තහවුරු කර ඇතැයි සඳහන්. ඒ අතරට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයත්. 

කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක් සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කර ඇත්තේ. සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය ද ඒ අතරට අයත්. ඉකුත්දා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ උදය ගම්මන්පිල, විමල් වීරවංශ මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර ද මෙම සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කර ඇත්තේ. 

කෙසේවෙතත් එම පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙකු සමුළුවට සහභාගී වීමට නියමිතයි.