ශ‍්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වූ අතර රටතුළ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තරගාවලිය කල්දැමිමට පියවර ගත් බවයි තරග සංවිධායකයින් පැවසුවේ.

කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලිය සදහා තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග සහ අවිශ්ක ප‍්‍රනාන්දු ඇතුලූ‍ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයින් රැසක් එක්ව සිටියා.