ලංකාව කියන්නේ ලෝකෙට විවෘත වෙච්ච පුංචි රටක්.ඔය රට ඇතුලේ අලුත් අලුත් දේවල් හරිම ඉක්මනින් බිහිවෙනවා, පැතිරෙනවා අපිට දැන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම කළා නිර්මාණ හරහා. නර්ථනය පැත්තෙන් හෝ වේවා, සංගීතය පැත්තෙන් හෝ වේවා, නිර්මාණශීලී අලුත් පරම්පරාවක් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා කියල සමාජ මාධ්‍ය දිහා බැලුවම හොදටම තේරෙනවා.පහුගිය දවසක අපි කාටත් හුරු පුරුදු ඔය වෆේ සමාජ මාධ්‍ය පරිශීලනය කරපු වෙලාවක දැක්ක සින්දුවක් නිසාම ඒ ගැන හොයල බලන්න හිතුනා. “අනාථයා” සින්දුවට දාළ තිබ්බ නම.
“මව්පිය සෙනේහයෙන් වෙන්වී අද ජීවය ගෙවමි මා..
මතුදා ගිනියම් ලෝකය මැද නොපතමි ඉපැදීම මා..”
මතුදා ගිනියම් ලෝකය මැද නොපතමි ඉපැදීම මා..”