කුරුණෑගල කහටගහ මිනිරන් පතලේ සේවකයින් පිරිසක් උපවාසයක් අරඹා තිබෙනවා. ඒ අලුත් අවුරුද්ද සඳහා ප්‍රසාද දීමනා ඉල්ලා සිටිමින් බවයි පැවසෙන්නේ.

මෙම උපවාසය අරඹා ඇත්තේ පතලේ අඩි 1100කට වඩා ගැඹුරින් පිහිටි ස්ථානයක වීම විශේෂත්වයක්.

රුපියල් 15,000ක ප්‍රසාද දීමනාවක් සෑම වසරකම ලබාදෙන  නමුත් මේ වසරේ අවුරුද්දට එය නොදීමට විරෝධය පළ කර මෙම විරෝධතාවය පැවැත්වෙයි.